නීරෝධායනය මධ්‍යස්ථාන වල සිටි තවත් 223ක් නිවෙස් වෙත යයි

Share

විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

 

දින 14ක නිරෝධායන කාලයකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් වෙතපිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මෙලෙස පිටව යන්නේ කන්දකාඩු, දියතලාව, මීයන්කුලම සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් බව සදහන්.

ඒ අනුව මේ වනවිට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 735 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

Read more

Local News