ගෝ‍ඩා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පලාලි පොලිස් වසමේ ‍තෛසෙට්ටි උතුර ප්‍රදේශයේ දී ‍නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ගෝඩා සන්තකයේ තබා සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(28) සවස මෙම වැටලීම ‍පලාලි පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ කාර්යංශ උප ඒකකයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ.

එහිදී ගෝඩා මිලිලීටර් 189000 ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වු සමලංකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (29) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News