ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරනවා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) හෝමාගම පැවැති උත්සවයකට එක්විය. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ,
සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී රටේ ජනතාව වෙනුවෙන් ගත් දැඩි තීන්දු තීරණ හේතුවෙන් දුම්වැටි සමාගම් ඇතුළු බහුජාතික සමාගම් රැසක් තමා සමග අමනාප වූ බවත්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළවෙළ හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද තමන්ගේ සතුරන් බවට පත්වූ අතර අද වංචාවට, දූෂණයට එරෙහිව කොමිෂන් සභා පත් කරමින් සිදු කරන්නේ ද පහසු කාර්යයක් නොවන බව ජනාධිපතිතුමා කියා සිටියේය.
එහෙත් මේ රටේ ජනතාව තමන් සමග සිටින බව තමා විශ්වාස කරන බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළේය.

Read more

Local News