ඊයේ(30) උදෑසන 6 සිට අද(31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508 ක් අත්අඩංගුවට පත්ව තිබේ.
එම කාලය තුළ වාහන 125 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මේ අතර පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති සමස්ත පුද්ගලයින් ගණන 7358 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් වාහන ද එම කාලය තූළ 1768 ක් අත්අඩංගුවට පත්ව තිබේ.