කොරෝනා පාලනයට පාලනයට ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කර තිබේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.

එහිදී කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත කලාපයට සිදුවියහැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා වූ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම වෛරස ව්‍යාප්තියට එරෙහි සටනේ දී රජය රජය සැලසුම් සහගතව සිදුකරන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර තිබුණේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මහතාගේ ටිව්ටර් සටහනට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වන සහයෝගයට සිය ස්තූතිය පළ කර තිබුණි.

මෙම වසංගත තත්ත්වය පාලනය වන තුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේය.

Read more

Local News