කොරෝනා පාලනයට කැපවෙන රාජ්‍ය නිළධාරින්ට ද්වේශ සහගත ප්‍රකාශ කරන අයට නීතිය දැඩිවෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නිළධාරින්ට එරෙහිව සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

 

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා රාජ්‍ය අංශය මනා කැපවීමකින් යුතුව සිය සේවය ලබා දෙන බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එම රාජකාරි කටයුතු විවේචනය කරමින් සහ එම නිළධාරින්ගේ සුළු අඩුපාඩු පෙන්වමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරන හා ඔවුන්ට බැණ තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරන විඩියෝ දර්ශන සහ වෙනත් ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ පල වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිම සඳහා වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News