චීන රජයෙන් ලංකාවට මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ

Share

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදු කරන අලිබාබා ආයතනයේ හිමිකරු සහ ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජැක්මා විසින් ප්‍රදානය කරනලද රුපියල් මිලියන 25කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොඟය ද සෞඛ්‍ය අමාත්‍යාංශයවෙත භාරදී තිබේ.

Read more

Local News