මත්තේගොඩ සැක සහිත මරණයක්- වාර්තාව එන තෙක් අවට පදිංචිකරුවන් නිරෝධායනයට

Share

මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන් ජීවත් වූ පුද්ගලයෙකු අද සැකසහිත ලෙස මියගොස් තිබේ.

 

අප වාර්තාකරු පැවසුවේ, 67 හැවිරිදි වියේ පසු වූ ඔහු මාලදිවයිනේ සිට පෙබරවාරී මස 20වැනිදා මෙරටට පැමිණ ඇති බවයි.

පසුව හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරී වරුනා ජයසූරිය මහත්මිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කරනු ලැබීය.

ඇය මෙහිදී නියෝග කළේ, කොවිඩ් නයින්ටින් රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ මෘත දේහය මුද්‍රාතබන ආකාරයෙන් මුද්‍රා තබා කළුබෝවිල රෝහල වෙත රැගෙන යන ලෙසයි.

මේ අතර මොහුගේ මරණය පිළිබඳ වාර්තා පැමිණෙන තෙක් ඔහුගේ නිවසේ සිටින පිරිසට හා අවට පදිංචිකරුවන්ට ස්වයං නිරෝධායනය වන ලෙසද දැනුම් දී තිබේ.

Read more

Local News