ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට පියවර

Share

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ. එයින් පිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවය. මේ කාලය තුළ ශ්‍රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබේ. නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් සිදු වී ඇති බව නව සිතියම් වලින් පෙනී යන බව ද මිණුම්පති උදයකාන්ත මහතා කීය.

නව ශ්‍රී ලංකා සිතියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු නව සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද ඇතුලත් කරන බවත් මිණුම්පති වරයා තවදුරටත් කීය.

Read more

Local News