අත්අඩංගුවට ගත් සැකකරුවෙක් කොරෝනා රෝග ලක්ෂණ නිසා රෝහලට

Share

හෙරෝයින් සම්බන්ධයෙන් පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකුට කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් හේතුවෙන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත.

 

හෙරෝයින් සම්බන්ධයෙන් පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමේදී ඔහුට අධික උණ සහ කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැඳවා සැකකරු කුරුණෑගල මහ රෝහලට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හමුවේ සැකකරු පවසා තිබුණේ තමන් ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කළ බවයි.

Read more

Local News