සුජීව විජේනායක ඔලිම්පික් බේස්බෝල් නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකාර තනතුරට

Share

කොරෝනා වෙෙරසය ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට තීරණය කළ ජපානයේ ඔලිම්පික් උළෙල 2021 වසරේ පැවැත්විමට පසුගියදා තීරණය කර ඇත.

 

ජපානයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් අන්තර්ජාතික ක්‍රීඩා තරඟ විනිශ්චයේ අත්දැකීම් වලින් පරිපුර්ණ ලාංකිකයෙකු වන සුජීව විජේනායක මහතා හට පසුගිය අප්‍රේල් 01වැනිදා ඔලිම්පික් උළෙ‍ලේ ‍බේස්බෝල් ක්‍රීඩාවේ නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු තනතුර ප්‍රදානය කර තිබේ.

2021 වසරේ ජුනි මස 23 වැනිදාට පෙර එම සියලු මෙහෙයුම් කටයුතු නිම කළ යුතු අතර නව තනතුර සමඟ ඔහුට ඉදිරියේදී ජගත් බේස්බෝල් සහ සැහැල්ලු පන්දු සම්මේලනය, ජපාන බේස්බෝල් සංගමය, නිපොන් බෙස්බෝල් සංගමය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟද සිය තනතුරේ කටයුතු කිරිමට සිදුව තිබේ.

Read more

Local News