පාකිස්තානු ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපතිට ආරාධනා

Share

මාර්තු මස 23 වැනිදාට යෙදෙන පාකිස්තානු ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබේ. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පවතින දැඩි මිත්‍රශීලි හා සහෝදරාත්මක ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැලකිල්ලට ගෙන මේ ආරාධනාව සිදු කොට තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මේ ජාතික නිදහස් දින උ‍ළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නැසි පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂාහීඩ් කාහාන් අබ්බාසි මහතා විසින් විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් ආරාධනා කොට තිබේ.

Read more

Local News