පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක් – සිසුන් දෙදෙනෙකු රෝහලේ

Share

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ඊයේ (15) දහවල් ඇතිවූ ගැටුමකින් පසු තුවාල ලත් විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වදයට එරෙහි සිසු කණ්ඩායමකට කළමණාකරණ පීඨයේ නවක වදයට පක්ෂ සිසු කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ විද්‍යා පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

විද්‍යා පීඨ සිසු පිරිස විශ්ව විද්‍යාලයේ රග්බි ක්‍රීඩාංගණය අසළ රැඳී සිටියදී කළමණාකරණ පීඨයේ විසි දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පහර දීම සිදුකර තිබෙන බවට තොරතුරු හෙළී වීමෙන් පසු අදාළ සිසුන් හඳුනා ගැනීම පිණිස විශ්ව විද්‍යාලීය ආරක්ෂක අංශය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read more

Local News