ආබාධිත මුදල් ගෙවන්න ගිය තැපැල් ස්ථානාධිපතිවරයාට පහර දුන් 3ක් අත්අඩංගුවට

Share

කටුවන පොලිස් වසමේ දංගලකන්ද, කටුවන ප්‍රදේශයේ දී තැපැල් ස්ථානාධිපතිවරයෙක්ට පහර දීමක් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඊයේ (06) සවස 3.00ට පමණ කටුවන පොලිස් වසමේ දී මෙය සිදුව ඇත.

ආබාධිත පුද්ගලයෙකුට ආබාධිත මුදල් ගෙවීම සඳහා ඔහුගේ නිවසට ගොස් සිටි රැක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවට එම තැපැල් ස්ථානාධිපතිවරයා විසින් කටුවන පොලිස් ස්ථානය වෙත ඊයේ සවස 4.15 ට පමණ පැමිණිල්ලක් කර තිබේ.

මෙම තැපැල් ස්ථානාධිපතිවරයා කපිල නිවස, දංගලකන්ද, කටුවන යන ලිපිනයේ පදිංචි ආබාධිත පුද්ගලයෙකුට ආබාධිත මුදල් ගෙවීම සඳහා ඔහුගේ නිවසට ගොස් එම නිවස ඉදිරිපිට යතුරු පැදිය නවතා එම නිවැසියන් හට කථා කල අවස්ථාවේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම තැපැල් ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

මෙම පහර දිම සිදුකල සැකකරු අද රාත්‍රී 7.00ට පමණ දංගලකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 27 හා 28 යන වයස්වල පසුවෙන කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කටුවන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News