බ්‍රිතාන්‍ය අගමැතිට අසාධ්‍යයි

Share

කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සදුදා(06) දින රෝහල්ගත කෙරුණි.

 

කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි.

මේ සමගින් බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම, අගමැති නියෝගයෙන්, එරට විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පවරා ඇති අතර, අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ වගකීම මේ යටතේ ඔහු වෙත පැවරෙනු ඇත.

අගමැතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ ද දැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ, ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ලොව පුරා රාජ්‍යනායකයින් රැසක් අගමැතිවරයාගේ ඉක්මන් සුවය පතා ඔහුට ආශිර්වාද එක්කර තිබුණි.

පසුගිය 27වැනිදා බ්‍රිතාන්‍ය අගමැතිවරයා කොරෝනා වෙෙරසය ආසාදනය විමෙන් ඔහු ස්වයං නිරෝධායනට ලක් විය. අනතුරුව ඊයේ දින රෝහල්ගත කෙරුණි.

මේ වන විට අගමැතිවරයා සුව අතරට හැරෙම්න් පත්වේ යැයි සිතන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

තවද බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන 32 හැවිරිදි කේසි සීමන්ටද මේ වන විට කොරෝනා ආසාදනය වි තිබෙන බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ඉක්මන් සුවය පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබ තිබේ.

Read more

Local News