රත්නපුරේ දී හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

රත්නපුර පොලිස් වසමේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ දී රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (07) දහවල් 1.45ට පමණ මෙම ‍වැටලීම සිදු කර ඇති අතර එහිදී හෙ‍රොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 550 ක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වු කුඩුගල්වත්ත, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (08) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News