ඇඳිරි නීතිය ලිහිල් කළොත් කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්

Share

‍දැනට රට තුළ පවත්වාගෙන යන ක්‍රමවේදය ලිහිල් කළ හොත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

එම නිසා සාමාජ දුරස්ථභාවය පවත්වා ගැනිම සඳහා පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම වැදගත් බව ඒ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් සොයා ගැනිමට අදාල පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහිදී පැවසුවේය.

Read more

Local News