රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිිරිස සහ ජනපති අතර හමුවක්

Share

දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එම සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Nikolay Spasskiy මහතා ඇතුළු නියෝජිතයින් පස් දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත විය.
ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බලශක්ති, කර්මාන්ත හා කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර ගණනාවක් තුළ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.
විදුලිබල, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඒ සඳහා දිගුකාලීන හා කෙටි කාලීන වැඩසටහන් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රීක සබදතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රුසියාව ශ්‍රී  ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන මිත්‍රශීලි සහය ද ඇගයීමට ලක් කළේය.
විශේෂයෙන් පසුගියදා තේ අපනයනයේදී මතු වු ගැටලු ව ඉතා කඩිනමින් නිරාකරණය කරදෙමින් ශ්‍රී ලංකාවත්, ජනතාවත් වෙනුවෙන් දැක්වූ හෘදයාංගම සහයෝගය පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

Read more

Local News