වෝල්ට් ඩිස්නි සමාගමේ සේවකයින් ලක්ෂයක් ඉවත් කිරීමට පියවර

Share

වෝල්ට් ඩිස්නි සමාගම සිය සේවකයින් ලක්ෂයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 

කොවිඩ් 19 රෝග ව්‍යාප්තියෙන්  අමෙරිකාවට එල්ල වුණේ දැඩි බලපෑමක්.

මේ හමුවේ වෝල්ට් ඩිස්නි සමාගම  සිය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් තාවකාලික ලෙස සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින්.

වෝල්ට් ඩිස්නි ලෝකයේ විශාලතම විනෝදාස්වාද සමාගමයි.

ඔවුන් පසුගිය සතියේ නිවේදනය කළේ අමෙරිකාව පුරා සිය සමාගම්වල සේවකයින් තාවකාලික ලෙස සේවයෙන් ඉවත් කිරීමේ  කටයුතු අප්‍රේල් 19 වැනිදා සිට ආරම්භ කරන බවයි.

මෙලෙස සේවයෙන් ඉවත් කළද  ඔවුන් තවදුරටත්  සිය සේවකයින් ලෙස සළකා වෝල්ට් ඩිස්නි සමාගම කටයුතු කරයි.

සමාගම පවසන්නේ එම කාලය තුළ ඔවුන්ට  පූර්ණ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදීමටද කටයුතු කරන බවයි.

මේ අතර වෝල්ට් ඩිස්නි හි ෂැංහයි ඩිස්නි රිසෝට් අර්ධ වශයෙන් විවෘත කිරීමට මාර්තු මාසයේ පියවර ගැනුණි.

කෙසේ වෙතත්  වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් එහි  ප්‍රධාන තේමා උද්‍යානය තවදුරටත් වසා තැබෙන බව සඳහන්.

මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ෂැංහයි ඩිස්නිලන්තය වසා දැමීමට ඉකුත් ජනවාරි 25 වැනිදා පියවර ගත්තේය.

ඒ අනුව යමින් හොංකොං සහ ටෝකියෝ ඩිස්නිලන්ත වසා දැමීමට පසුව පියවර ගැනුණි.

Read more

Local News