නිල ඡන්ද පත්‍රිකා සමඟ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක්

Share

මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

මෙසේ පක්ෂ හා අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු බෙදා හැරීම මැතිවරණ කොමිෂමට අයත් නිල කාර්යයක් නොවන නමුත් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ඒවා බෙදා හැරීමට කොමිෂම තීරණය කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (18) කොමිෂන් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කොට අවසන් බවත් පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි 22 දා පැවැත් වෙයි.

Read more

Local News