ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාවක් එළිදැක්වීම හෙට

Share

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාවක් එළිදක්වයි. එම උත්සවය හෙට (20) කොළඹ දී පැවැත්වෙයි.

බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වෙයි.

කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

Read more

Local News