ඉතාලියේ කොරෝනා ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවයි

Share

ඉතාලියෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා තිබේ.

 

ඉතාලියේ පළමු රෝගියා පෙබරවාරි මස 15 වන දින වාර්තා වී ඇති අතර මාස දෙක හමාරකට ආසන්න කාලයක් තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන දෙලක්ෂ එක්දහස් පන්සිය පහක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉතාලිය තුළ මාර්තු මස 04 වනදා සිට ආසාදිතයින් වාර්තාවිමේ විශාල වැඩිවිමක් පෙන්නුම් කෙරුණි.

ආසාදිතයින් වැඩිවිමත් සමඟ එරට සිදු වූ මරණ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වූ අතර එය මේ වන විට අවම මට්ටමකට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව ඉතාලියෙන් ගත වු පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 382ක් බව සඳහන්.

ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 27,359ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News