අගමැති සපුගොඩ පුරාණ විහාරස්ථානයේ රන්වැට විවෘත කරයි

Share

බේරුවල, සපුගොඩ පුරාණ විහාරස්ථානයේ සීමා මාලකය සංරක්‍ෂණය කරමින් ඉදිකරන ලද ආරක්‍ෂක පවුර හා බෝධිය වටා ඉදිකරන ලද රන්වැට පෙරේදා (17) දින විවෘත කෙරිණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, දකුණු පළාත් සභා ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවුක හමුදාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.  

Read more

Local News