කැළණි පෙරහැර අද – රථ වාහන ධාවනය සීමා කරයි

Share

කැළණිය රජමහා විහාරය මගින් සංවිධාන කරන පෙරහැර අද පස්වරු 3.00 සිට සවස 6.30 දක්වා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන්න ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

කැළණිය විහාරස්ථානයේ උඩමළුවෙන් ආරම්භ වන පෙරහැර බියගම පාර, පිලපිටිය හන්දිය, ගෝණගම්පල පාර, වරාගොඩ පාර, නූම්ගම්ගොඩ හන්දිය, ගල්බොරැල්ල, විහාර මාවත ඔස්සේ යලි විහාරස්ථානයට පිවිසීම සිදුවේ.

මේ හේතුවෙන් තොරණ හන්දියෙන් වරාගොඩ මාර්ගය ඔස්සේ කැළණිය දෙසට වාහන ඇතුල් නොකරන අතර ඒ සදහා විකල්ප මාර්ග හදුන්වා දී තිබේ.

 

Read more

Local News