නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

Share

ශ්‍රී ලංකාව හා පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රෙජ්න්ද්‍ර චෙත්‍රී මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
ජාතිය ගොඩනැගීමේහිලා දෙරටේ හමුදාවන් හි දායකත්වය, ජාතික ආපදා අවස්ථාවන්වලදී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම මෙන්ම පුහුණු අවස්ථාවන් සදහා ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
විශේෂයෙන්ම නේපාලය පසුගියදා මුහුණදුන් දරුණු භූමිකම්පා අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබාදෙන ලද ක්ෂණික සහන ඉතා ඉහළ මට්ටමක පැවතුන බව සඳහන් කළ නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ඒ පිළිබදව නේපාල රජයේ ස්තූතිය ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අතීතයේ පටන් පවතින ආගමික, සංස්කෘතික සහ සාමාජයීය සබදතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී එම සබදතාවයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සදහන් කළේය.
හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.

Read more

Local News