ජාතික සෞඛ්‍ය නාලිකාව ජාතියට දායාද කරයි

Share

ජාතික සෞඛ්‍ය නාලිකාව ජාතියට දායාද කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය පිළිබඳ කථිකාවතක් ඇති වී තිබෙන බවත් ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරිම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බවත් විශේෂයෙන්ම දිවයින පුරා සියලු ම රෝහල් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ දී රෝහල් 300ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.
වසර 2020 වනවිට රෝහල් 1000 ක් මෙම ව්‍යාපෘතියට ඇතුලත් කිරීම තම අරමුණ බවත් මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට සැළසුම් කර තිබෙන අතර ම දැනට තැලසීමියා රෝගීන් 3000 ක් දිවයින පුරා සිටින බව අනාවරණ වී තිබෙන යැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදි Family නමින් සෞඛ්‍ය සගරාවක් ද එළිදක්වන ලදි.

Read more

Local News