අඛණ්ඩව තෙවන දිනයටත් කොටස් මිල දර්ශකය ඉහළට

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද(15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලැබීය.

 

මේ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.76 ක්, එනම් 3.38% ක ඉහළ යාමක් අද දින වාර්තා කරන ලදී.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 1,764.78 ක් ලෙසත් සටහන් විය.

Read more

Local News