ගුවන් යානයකින් මිනිස් අපද්‍රව්‍ය වැටෙයි

Share

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් උතුරු ඉන්දියාවේ හර්යානාහි ‘ෆෂිල්පූර් බද්ලි’ නම් ගම්මානයට වැටී ඇත.

එම අයිස් ගුලිය ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීන් සැක කරයි.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත. ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.

එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීන් පිළිගනියි.

Read more

Local News