මෙරට කොරෝනා තත්ත්වය පාලනය වී ඇති බව පැහැදිලි

Share

නාවික හමුදාවෙන් හදුනා ගන්නා ආසාදිතයින් හැරුණු විට මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා තත්ත්වය පාලනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් සියලුම පුද්ගලයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් ගණන 1027ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News