ඊයේ හමුවූ ආසාදිතයින් 13 දෙනාගෙන් 11ක් නාවික හමුදා සමාජිකයින්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් බවට ඊයේ(22) හදුනාගත් ආසාදිතයින් 13 දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 11දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අතර මැලේසියාව සහ කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් දෙදෙනෙකු ද වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1068ක්.

ඉන් ආසාදිතයින් 620 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 439 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read more

Local News