මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහළට

Share

අද(23) සවස 05.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 416 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News