ඊයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 49ක් කුවේට් හි සිට පැමිණි අය

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඊයේ (24) දිනය තුළ හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වු සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගින් සංඛ්‍යාව 1141ක්.

හඳුනා ගැණුනු එම ආසාදිතයින් 52 දෙනෙකුගෙන් 49 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් වෙයි.

මේ වන විට වෛසරය ආසාදනය වු රෝගින් 674 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවත් 458 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News