මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 6 වන දිනටත් අද

Share

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි.

 

අද(26) පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව වාර්තා වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන බව සඳහන්.

අද දිනයේ මැතිවරණ කොමිශන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් කරුණු දැක්වීමට නියමිතයි.

Read more

Local News