තවත් නාවිකයින් 19ක් සුවය ලබයි – සුවය ලැබු සමස්තය 332ක්

Share

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ(25) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

 

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇත.

ඔවුන්ගෙන් 09 දෙනෙකු නාවික මහ රෝහලින්ද, 07 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, දෙදෙනෙකු අයි.ඩී.එච් රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙකු හෝමාගම රෝහලින්ද ප්‍රතිකාර ලබා ගත් අයයි.

ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Read more

Local News