කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගත වූ කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 45 ක පාඩුවක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු පවසන්නේ 2019 වසරේදී ද ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන දහයයි දශම බින්දුවයි නවයක පාඩුවක් සිදුව ඇති බවයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.