කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කිරිමට අවධානය යොමුව තිබේ.
අද(27) පැවැත්වෙන සාකච්ඡාවකදී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තීරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ජූනි මස ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනිමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ වුණි.
ඒ අනුව චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට පැමිණි අතර පසුව වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා මෙරටට ගෙන්වා ගනු ලැබුවේය.
පසුගිය මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට ශ්‍රී ලාංකිකයින් 5485 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර ඔවුන්ගෙන් 4826 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් පුද්ගලයින් බව සඳහන්ය.
එම පිරිස පී.සී.ආර් පරික්ෂණ වලට භාජනය කිරිමෙන් පසු ඔවුන්ගෙන් 05 ටෙදනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණි.
මේ අතර කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද අළුයම දිවයිනට රැගෙන විත් තිබේ.
ඔවුන් අතර ළදරුවන් 05 දෙනෙකු ද වන බව සඳහන්ය.