කොවිඩ් ආසාදනය වු තවත් නාවිකයින් 05කට සුවයි

Share

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

 

මෙම නාවික හමුදා සමාජිකවින් 05 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා සමාජිකයින් 366ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read more

Local News