ගිනි අවි හා ‍ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ‍නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගිනි අවි දෙකක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, පතරොමක්, විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී 2020.05.25 වන දින සාලමුල්ල, කොලොන්නාව ප්‍රදේශයේ  නිවසක් ඉදිරිපිට නවතා තිබු වෑන් රථයකට වෙඩි තබා අනර්ථයක් සිදුකිරිම, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් බවට අනාවරණය වී තිබේ.

සැකකරු වයස අවුරුදු 25 ක් හා 31 යන වයස්වල පසුවෙන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරු අද(31) අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News