මොනරාගල වෙඩි තැබීමකින් අයෙක් මරුට

Share

මොනරාගල පොලිස් වසමේ තෙනගල්ලන්ද, මාරාව, මොනරාගල යන ලිපිනයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

පවුල් ආරවුලක් මත පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(31) රාත්‍රී 9.30ට පමණ මෙය සිදුවු බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මොනරාගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මොනරාගල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වු ඉහත ලිපිනයේ පදිංචි අයෙකි.

Read more

Local News