මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1635ක් දක්වා ඉහළට

Share

අද(01) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1635ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකුය.

මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 813 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News