මී උණ පැතිරීමේ අවදානමක්

Share

මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මේ දිනවල පැවති වැසි සහිත තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත විය හැකි බවයි.

පුරන් කුඹුරුවල සහ ගොවිතැන් වැඩවල නිරත පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය.

වසරේ මේ දක්වා කාලය තුළ මී උණ වැළඳීමෙන් පුද්ගයින් 12 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය.

Read more

Local News