මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1645ක් දක්වා ඉහළට

Share

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1645ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

ඒ අද දිනයේදී අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයින් දෙදෙනා ද සමඟයි.

නව ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි.

ඔවුන් ඉරණමඩු නිරෝධායන මාධ්‍ය ස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අය බව වාර්තා වේ.

අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 823 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News