විහාරස්ථාන ප්‍ර‍තිසංස්කරණය යටතේ විහාරස්ථානයක් ශාසනයට පූජා කිරීම හෙට

Share

කුලියාපිටිය දණ්ඩගමුව සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතුවලින් පසු සම්බුද්ධ ශාසනයට පූජා කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) සිදු කෙරේ.

ශ්‍රී ලාංකීය බෞද්ධ උරුමයන් එහි වටිනාකම් සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කර අනාගත පරපුර වෙනුවෙන් දායාද කරලීමේ සද්කාර්යය වෙනුවෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

එහි එක් පියවරක් සනිටුහන් කරමින්, කුලියාපිටිය දණ්ඩගමුව සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු කෙරිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන්මාලාවෙහි ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ වැඩසටහන් කටයුතු සිදුකරනු ලබන අතර දණ්ඩගමුව සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 8 ක් ‍යොදවා ඇත.

ජාතික වටිනාකමින් යුත් ඉපැරණි වෙහෙර විහාරස්ථාන මතුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීමේ ජාතික වගකීම වෙනුවෙන් පුරෝගාමී වෙමින් මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ ප්‍රතිපාදන යටතේ වෙහෙර විහාර 12000කට ආසන්න සංඛ්‍යාවක් මේ අයුරින් සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙන අතර, මේ යටතේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පවතින ප්‍රතිපාදන නොමැතිකමින් විනාශමුඛයට පත්ව ඇති වෙහෙර විහාර රැසක් ද සංරක්ෂණය කිරීමට නියමිතය.

Read more

Local News