විදුහල්පතිනිය දණ ගැස්විමට අදාළ හත්දෙනෙකුට සිතාසි

Share

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විම, තර්ජනය කළ ප්‍ර‍කාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සදහා පුද්ගලයන් හත්දෙනෙකුට සිතාසි නිකුත් කර ඇත.
ඒ ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, පළාත් සභා සේවකයින් වන පාලිත ආරියවංශ, ප්‍ර‍සන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත රත්නායක යන අයටයි.
2018 ජනවාරි 25 දින පෙ.ව. 10 ට කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ 04 කාර්යාලයේ පෙනී සිටින ලෙස පැමිණිලි අංක එච්ආර්සී/236/18 අංකය යටතේ මෙම පිරිසට සිතාසි යවා ඇත.

Read more

Local News