කොළඹ මහ නගර සභාවෙන් අද සිට දින 4ක ඩෙංගු ‍මර්දන මෙහෙයුමක්

Share

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

මෙහිදි කොළඹ මහ නගර සභා සීමාවේ සියලු පරිශ්‍රයන් පරික්ෂාවට ලක් කිරීමට නියමිත බව නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සඳහන් කළේය.

අදාළ පරිශ්‍රයන් පරික්ෂා කරන අවස්ථාවේ දි එකී ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනා ගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද රෝසී සේනානායක මහත්මිය සඳහන් කළේය.

මේ අතර ඩෙංගු රෝග මර්දන වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථානවල සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Read more

Local News