තැපැල් ඡන්දය ලකුණු කිරීමට අමතර දවස් 2ක්

Share

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත සඳහන් කළේ ලබන පෙබරවාරී 10 වැනි දින පැවත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ හා නොහැකි වන තැපෑල් ඡන්ද සුදුසුකම් ලැබූවන්ට සිය තැපෑල් ඡන්දය ප්‍රකාශක කිරීමට ලබන පෙබරවාරි 1 සහ 2 දෙදින ද පහසුකම් සලසා ඇති බවයි.

මෙම තැපැල් ඡන්දය ප්‍රකාශයට පත්කර තිබූ තෙදින තුළ ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ නොහැකි වූවන්ට මෙම අමතර දෙදින ලබාදී තිබේ.

එහිදී කාර්යාල වේලාව තුළ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ද කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ මහලේක්ම කාර්යාලයේදී ද පහසුකම් සලසා ඇත.

මෙම දිනය කිසිදු ලෙසකින් තවදුරටත් දීර්ඝ කරනු නොලබන බවත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් හෝ වලංගු හැඳුනුම්පත් වශයෙන් මැතිරවණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති හැඳුනුම්පත් රැගෙන යා යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News