කේරල ගංජා කි‍ලෝ 2 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(05) ඊයේ දහවල් 1.10 ට පමණ මෙය සිදු කර ඇත.

වැටලීමේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 750 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මෝදර පොලීසියට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වු මෝදර පදිංචිකරුවෙකි.

අද දින සැකකරු මාලිගාකන්ද ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Read more

Local News