වැඩි මිලට අලෙවි කළ 5 ක‍ගේ බලපත්‍ර අත්හිටුවයි

Share

අධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

 

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ ඇතැම් බලපත්‍ර හිමියන් විසින් සංවිධානාත්මක ලෙස වැලි අධික මිලට අලෙවි කිරිමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිවලට අනුව සිදු කළ වැටලීමකදී ඊට අදාල බලපත්‍ර අත්හිටුවිමට කටයුතු කළ බව අනුර වල්පොල මහතා කියා සිටියේය.

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා පැවසීය.

ඒ සඳහා දැනටමත් වැටලීම් ආරම්භ කර ඇති බවත්, වැලි ඡාවාරමේ නියැලෙන කිහිප දෙනෙකුගේ මෙවැනි ක්‍රියා කිරීම් කිසිසේත් ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බවත් සභාපතිවරයා දන්වා මහතා සඳහන් කරයි.

මේ අතර මෙවැන් වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම 071 53 52 304 යන දුරකථන අංකය අමතා තමාට දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා පවසයි.

Read more

Local News