ඉන්දියාව කොරෝනා ආසාදිතයින්ගෙන් 06 වෙනි තැනට

Share

ඊයේ(05) දිනයේදී හදුනාගත් නව ආසාදිතයින් 9,471දෙනාත් සම

 

ඒ අනුව වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ ඉතාලියද පසුකළ ඉන්දියාව වැඩිම ආසාදිතයින් හමුවූ රාජ්‍යයන් අතර හයවැනි ස්ථානයට පත්ව තිබේ.

කොවිඩ් හේතුවෙන් එරට සිදුවූ මරණ ගණන 6,649 කි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අමෙරිකාවේ පැවැති අවධානය ගිලිහී යමින් පැවතියත්, එරට පැවති අවධානම අඩු වී නොමැති බව පෙන්නුම් කරමින් ඊයේ දිනයේදීත් කොවිඩ් මරණ 975ක් වාර්තා වී තිබුණි.

මේ අනුව අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත මරණ ගණන එක් ලක්ෂ එකොළොස් දහසද ඉක්මවා ගොස් ඇත්තේ ආසාදිතයින් විසිලක්ෂයට ආසන්න වෙමින්ය.

රට පුරා පවතින විරෝධතා අතරතුර පිරිස් මුඛ ආවරණ හෝ පැළද නොසිටීම හේතුවෙන් එරටින් තවත් බරපතළ කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් උද්ගතවී ඇතැයිද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබුණි.

මේ අතර ගතවූ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාරතා වුණේ ලතින් අමෙරිකාවේ ප්‍රබලයා වූ බ්‍රසීලයෙන්ය.

ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 1,008 ත් සමගින් බ්‍රසීලයේ සමස්ත මරණ 35,047 ක් තෙක් තවදුරටත් ඉහළ ගියේය.

එමෙන්ම මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන මෙක්සිකෝවේ ඊයේ සිදුවූ මරණ 816ත් සමගින් සමස්ත මරණ 12,545 ලෙසින් දැක්වුණි.

ඒ ජනාධිපති ඇන්ද්‍රෙස් මැනුවෙල් ගේ නියමයක් යටතේ රට පුරා මරණ නැවතත් සංගණනයක් කිරීමත් සමගින්ය.

මේ අතර කොවිඩ් හේතුවෙන් මෙක්සිකෝවේ මරණ 35 000කට වැඩි ප්‍රමාණයක් සිදුවනු ඇති බවට එරට සෞඛ්‍ය ඇමතිවරයා පවසා තිබේ.

දැනටත් ලොව වැඩිම කොවිඩ් මරණ සිදුවූ රටවල් අතර හත්වැනි ස්ථානයේ පසුවන්නේද මෙක්සිකෝවයි.

Read more

Local News