ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය, මත්පැන් පානය කර පැමිණිම තහනම්

Share

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය, ඡායාරූප ගැනීම හා මත්පැන් පානය කර පැමිණිම තහනම් බවයි.

ජංගම දුරකථන මගින් හෝ කැමරා මගින් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගැනීමක් සිදු කළහොත් ඔහු නීතිවිරෝධි ක්‍රියාවක් කළා සේ සලකා අතුඅඩංගුවට ගනු ලබන බවද, ඡන්දය සළකුණු කිරීමෙදී එකම එක කතිරක් පමණක් භාවිතා කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News